මැදපෙරදිග කලාපයේ උග්‍ර වන යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අද (09) පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් තිබේ. ප්‍රධාන තෙල් දර්ශකයන් සියල්ලම පාහේ ඩොලර් 120 සීමාව ආසන්නයට පැමිණ ඇති අතර, ඇතැම් තෙල් වර්ග 30% කින් පමණ මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
මෙම මිල ඉහළ යාමත් සමඟ ඉදිරි සති කිහිපය තුළ ලොව පුරා රටවල පෙට්‍රල් සහ ඩීසල් මිල පසුගිය මාසයට සාපේක්ෂව දෙගුණයකින් පමණ ඉහළ යා හැකි බවට ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති. තෙල් මිලට අමතරව ස්වභාවික වායු (Natural Gas) මිල ද 9.57% කින් ඉහළ ගොස් ඇති අතර, මෙය මෙරට විදුලි ජනනයට සහ ප්‍රවාහන වියදම් ඉහළ යාමට සෘජුවම බලපානු ඇත.














