ඉරානය ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන යුදමය මෙහෙයුම් සාර්ථකව අවසන් වූ පසු ලෝකය වඩාත් ආරක්ෂිත සහ යහපත් ස්ථානයක් වනු ඇතැයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ (Marco Rubio) අද (09) ප්‍රකාශ කළේය.
වොෂින්ටන් ඩී.සී. හි පැවති උත්සවයක් අමතමින් ඔහු සඳහන් කළ වැදගත් කරුණු මෙසේය. ලොව විශාලතම ප්‍රාණ ඇපකරුවන් රඳවා තබා ගන්නා සහ ත්‍රස්තවාදයේ ප්‍රධාන අනුග්‍රාහකයා වන ඉරාන පාලන තන්ත්‍රයට එරෙහිව ඇමෙරිකාව මෙම මෙහෙයුම දියත් කර තිබේ. මෙම මෙහෙයුමේ පැහැදිලි අරමුණු වන්නේ ඉරානය සතු මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව සහ එම මිසයිල නිෂ්පාදනය කරන කර්මාන්තශාලා විනාශ කිරීම මෙන්ම ඔවුන්ගේ නාවික හමුදාව අඩපණ කිරීමයි.
රාජ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ ඇමෙරිකාව එම අරමුණු කරා සාර්ථකව ගමන් කරමින් සිටින බවයි. ඉරානය සතුව පවතින මිසයිල සහ දියත් කිරීමේ යන්ත්‍ර ප්‍රමාණය දිනෙන් දින අඩු වෙමින් පවතින බවත්, ඔවුන්ගේ නාවික හමුදාව දැඩි ලෙස දුර්වල වෙමින් පවතින බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.














