චෙම්මනි සුසාන භූමියෙන් හඳුනාගත් වැහි කබායක් පැළඳ සිටි පිරිමි ළමයෙකුගේ මළ සිරුර අගෝස්තු 4 වන දිනට පසු ගොඩගන්නා බවට දැනුම් දී තිබේ.
නීතිඥ වී.එස්. නිරන්ජන් මහතා පවසා ඇත්තේ මෙම අස්ථි කූඩුව හෝ එයට අදාළ කිසියම් තොරතුරක් දන්නේ නම් ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දෙන ලෙසට දන්වා ඇති බවයි. ඒ අනුව, මේ වන විට දැඩි කතාබහට ලක්ව ඇති මෙම චෙම්මනි ගැටලුව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට නියමිතය.
















