නේපාල මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගත් රාස්ත්‍රිය ස්වතන්ත්‍ර පක්ෂයේ (RSP) සභාපති රවී ලැමිචෑන් (Rabi Lamichhane) සහ එහි ජ්‍යෙෂ්ඨ නායක බැලේන්ද්‍ර ෂා (Balendra Shah) වෙත ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අද (09) සිය සුබපැතුම් පිරිනැමීය.
නේපාලයේ මීළඟ රජය පිහිටුවීමට සූදානමින් සිටින RSP පක්ෂයේ නායකයන් දෙදෙනා සමඟ දුරකථන සංවාදයක නිරත වූ බව අගමැති මෝදි X පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේය. එහිදී RSP පක්ෂය ලැබූ විශිෂ්ට ජයග්‍රහණය අගය කළ අගමැතිවරයා, නේපාලයේ නව රජය සමඟ එක්ව දෙරටේ සමෘද්ධිය සහ ප්‍රගතිය වෙනුවෙන් කටයුතු කිරීමට ඉන්දියාව කැපවී සිටින බව අවධාරණය කළේය.
දෙරටේ ඒකාබද්ධ උත්සාහය තුළින් ඉදිරි වසරවලදී ඉන්දියා-නේපාල සබඳතා නව උසකට ගෙන යා හැකි බවට තමා විශ්වාස කරන බව ද අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. මෙම ජයග්‍රහණයත් සමඟ නේපාලයේ දේශපාලන ස්ථාවරත්වය සහ කලාපීය සහයෝගිතාව පිළිබඳව නව බලාපොරොත්තු මතු වී ඇත.














