ඝර්ම කලාපීය රටවල බහුලව දක්නට ලැබෙන චර්ම රෝග පිළිබඳව සාකච්ඡා කෙරෙන දෙවන ජාත්‍යන්තර විශේෂඥ සමුළුව (2nd International Conference on Tropical Dermatology – ICTD) කොළඹ ශැංග්‍රිලා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස ආරම්භ විය. “නිවර්තන කලාපවලින් මාතෘකා” (Topics from Tropics) යන්න මෙවර සමුළුවේ ප්‍රධාන තේමාව වී තිබේ. මාර්තු 14 වනදා දක්වා පුරා දින තුනක් මෙම සමුළුව කොළඹදී පැවැත්වීමට නියමිතය.
මෙම සුවිශේෂී වෛද්‍ය සමුළුව සඳහා ලෝකයේ රටවල් 25ක් නියෝජනය කරමින් විදේශීය නියෝජිතයින්, විශේෂඥ වෛද්‍යවරුන් සහ පර්යේෂකයන් 342ක් පමණ සහභාගී වන බව වාර්තා වේ. ඒ අතර ජර්මනිය, ඉන්දියාව, බංග්ලාදේශය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය වැනි රටවල ප්‍රමුඛ පෙළේ චර්ම රෝග විශේෂඥයෝ ද වෙති. මීට අමතරව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් චර්ම රෝග විශේෂඥයින් සහ සම්පත් දායකයින් 150කට අධික පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිති.
නිවර්තන කලාපීය රටවල පවතින දේශගුණික තත්ත්වයන් මත ඇතිවන විවිධ චර්ම රෝග හඳුනා ගැනීම, ඒවා වැළැක්වීම සහ නවීන ප්‍රතිකාර ක්‍රමවේදයන් පිළිබඳව අත්දැකීම් හුවමාරු කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණයි. මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ වෛද්‍ය සමුළුවක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීම මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනයට මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට ද විශාල පිටුවහලක් වනු ඇත.














