උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සිය දියණිය වන කිම් ජූ ඒ සමඟ එරට ප්‍රධාන ගිනි අවි නිෂ්පාදන කම්හලක නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී ඇය එම කම්හලේ නිෂ්පාදිත නවීන පන්නයේ පිස්තෝල පරීක්ෂා කරමින් ඉලක්කයට වෙඩි තැබීමට ද සහභාගී වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පියා සහ දියණිය එක්ව ගිනි අවි පරීක්ෂා කරන ඡායාරූප ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ කිම් ජූ ඒ සටන්කාමී නායිකාවක් ලෙස අනාගතයට සූදානම් කරමින් සිටින බවයි. ඇය මේ වන විටත් හමුදා ප්‍රධානීන් යටතේ ගිනි අවි පුහුණුව මෙන්ම විශේෂ ආත්මාරක්ෂක සටන් පුහුණුවක් ද ලබා ඇති බව වාර්තා වේ.
උතුරු කොරියාවේ නායකත්වය කිම් පවුලේ පරම්පරාගත උරුමයක් ලෙස පවතින බැවින්, කිම් ජොන් උන්ගෙන් පසු එරට නායකත්වය සඳහා කිම් ජූ ඒ නම් කිරීමට ඇති ඉඩකඩ වැඩි බව මෙම සංචාරය හරහා තහවුරු වන බව විශ්ලේෂකයෝ පවසති.














