මහනුවර ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක අධ්‍යක්ෂවරයාගේ මෝටර් රථයට යට වී සිදුවූ ශෝචනීය සිසු මරණය සම්බන්ධයෙන් සාධාරණය ඉටු කරන ලෙස බල කරමින් එම පාසලේ මව්පිය කමිටුව අද (13) විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී. පාසල් පරිශ්‍රයේදී පැවැති මෙම සාකච්ඡාව සඳහා නියෝජ්‍ය විදුහල්පතිතුමිය ද එක්ව සිටි අතර, මියගිය සිසුවා වෙනුවෙන් යුක්තිය පසිඳලීම සඳහා ගත යුතු ඉදිරි පියවර පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.
අනතුරින් ජීවිතක්ෂයට පත් වූයේ මහනුවර පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 02 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 7 හැවිරිදි රවිඳු කුමාරගේ නැමැති සිසුවෙකි. ඊයේ (12) පෙරවරුවේ ඔහු සිය මිතුරා සමඟ ජල කරාමය අසල සිටියදී, පාසල් අධ්‍යක්ෂවරයා නවතා ගොස් තිබූ මෝටර් රථය බෑවුම් සහිත ප්‍රදේශයක ඉදිරියට ධාවනය වීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ අනෙක් සිසුවා මේ වන විට මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාසල් අධ්‍යක්ෂවරයා අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර, සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ද අද දිනයේ සිදු කිරීමට නියමිතව තිබුණි. මියගිය සිසුවාගේ මව මේ වන විට ඊශ්‍රායලයේ රැකියාවක නිරතව සිටින බව වාර්තා වේ. මව්පිය














