ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් DC, බැල්ටිමෝර් සහ රිච්මන්ඩ් ප්‍රදේශවල ප්‍රධාන ගුවන් තොටුපළවල් හතරක ගුවන් ගමන් ඊයේ (මාර්තු 13) සවස් කාලයේ පැයකට අධික කාලයක් සම්පූර්ණයෙන්ම නතර කිරීමට ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) පියවර ගෙන තිබේ. මෙයට හේතු වී ඇත්තේ ගුවන් ගමන් පාලක මැදිරියක (Potomac TRACON) හදිසියේ පැතිර ගිය තද රසායනික ගන්ධයකි.
මෙම තත්ත්වය හේතුවෙන් රොනල්ඩ් රේගන් (DCA), වොෂින්ටන් ඩලස් (IAD), බැල්ටිමෝර් (BWI) සහ රිච්මන්ඩ් (RIC) යන ගුවන් තොටුපළවල ගුවන් යානා ගොඩබැස්වීම සහ පිටත් වීම තාවකාලිකව නතර කෙරුණි. මේ හේතුවෙන් ගුවන් ගමන් ප්‍රමාදයන් පැය දෙක තුනක් දක්වා දීර්ඝ වූ අතර දහස් සංඛ්‍යාත මගීන් ගුවන් තොටුපළවල් තුළ අතරමං විය.
ගුවන් සේවා ලේකම් ෂෝන් ඩෆී (Sean Duffy) ප්‍රකාශ කර සිටියේ මෙම ගන්ධයට හේතුව සොයා බලධාරීන් පරීක්ෂණ පවත්වන බවයි. ගුවන් මගීන්ට සිය ගුවන් ගමන්වල වත්මන් තත්ත්වය පරීක්ෂා කර බලා ගුවන් තොටුපළ වෙත පැමිණෙන ලෙස උපදෙස් දී ඇත.














