Rocket League ක්‍රීඩාවේ සේවාදායක (Servers) බ්‍රහස්පතින්දා පස්වරුවේ සිට හදිසියේ බිඳ වැටීමකට ලක්ව ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් ලොව පුරා විසිරී සිටින ක්‍රීඩකයන් දහස් ගණනකට ක්‍රීඩාවට පිවිසීමට (Login) නොහැකි වී ඇති අතර ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල වෙමින් පවතී.
‘Downdetector’ වෙබ් අඩවියට අනුව කෙටි කාලයක් තුළ ක්‍රීඩකයන් 3,900කට අධික පිරිසක් මෙම බිඳ වැටීම සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත. බොහෝ ක්‍රීඩකයන් පවසන්නේ තමන්ට ‘Matchmaking’ කටයුතු සිදු කිරීමට හෝ ගිණුම්වලට පිවිසීමට නොහැකි වී ඇති බවයි.














