ඉරානයේ බලශක්ති මධ්‍යස්ථානය වන කර්ග් දූපතේ (Kharg Island) පිහිටි යුදමය ඉලක්ක වෙත මැදපෙරදිග ඉතිහාසයේ එල්ල කළ ප්‍රබලම බෝම්බ ප්‍රහාරයක් දියත් කළ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සනාථ කර තිබේ. ඉරානය විසින් ලෝක බලශක්ති සැපයුමට අත්‍යවශ්‍ය හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කරමින් නාවික ගමනාගමනයට බාධා කිරීමට එරෙහිව මෙම ප්‍රහාරය දියත් කළ බව ඔහු පෙන්වා දෙයි.
සිය Truth Social ගිණුම හරහා අදහස් දක්වමින් ට්‍රම්ප් කියා සිටියේ ඇමරිකානු මධ්‍යම අණසක (CENTCOM) විසින් එල්ල කළ මෙම ප්‍රහාරයෙන් කර්ග් දූපතේ පිහිටි සෑම යුදමය ඉලක්කයක්ම සම්පූර්ණයෙන්ම විනාශ කළ බවයි. “ඉරානයේ කිරුළ බඳු වූ කර්ග් දූපතේ සෑම මිලිටරි ඉලක්කයක්ම අපි අතුගා දැමුවා” යනුවෙන් ඔහු එහි සඳහන් කර තිබුණි.
මෙම ප්‍රහාරයෙන් පසුව ද ඉරානය දිගින් දිගටම ඊශ්‍රායලය වෙත මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටින අතර, ඊට ප්‍රතිචාර වශයෙන් ලෙබනනයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සාම සාධක බලකාය (UN Forces) පවතින කලාපයට ද ඊශ්‍රායල ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වේ. තවදුරටත් ඉරානය මෙලෙස කටයුතු කරන්නේ නම් මීළඟ ඉලක්කය එම දූපතේ පවතින තෙල් යටිතල පහසුකම් විය හැකි බවට ද ඇමරිකාව අනතුරු අඟවා ඇත.














