ගල්අඟුරු ගනුදෙනුවලදී සිදුවී ඇතැයි කියන වංචාවන් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයට දැඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. කරුණු සාක්ෂි සහිතව තිබියදීත් බලධාරීන් මහජනතාව හමුවේ අසත්‍ය ප්‍රකාශ කරමින් වංචාවන් වසා ගැනීමට උත්සාහ කරන බවට ඔහු චෝදනා කළේය. රටේ බලශක්ති ක්ෂේත්‍රය තුළ පවතින මෙම දූෂිත ක්‍රියාවලිය හේතුවෙන් ජනතාවට අධික විදුලි බිලක් ගෙවීමට සිදුව ඇති බවත්, මේ පිළිබඳව වහාම විනිවිදභාවයකින් යුතු පරීක්ෂණයක් අවශ්‍ය බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














