ඉන්දියාවේ පැවති ‘India Today Conclave 2026’ සමුළුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේදී ඉරාන නෞකාවක් ගිල්වා දැමීම සම්බන්ධයෙන් අමෙරිකාවට සිය විවේචනය එල්ල කළේය. අමෙරිකානු සබ්මැරීනයක් මගින් එල්ල කළ ප්‍රහාරයකින් ‘IRIS Dena’ නෞකාව ගිල්වා ඇති බවත්, ඉන් ඉරාන නාවිකයන් 80කට අධික පිරිසක් මියගොස් ඇති බවත් ඔහු මෙහිදී සඳහන් කර සිටියේය.
මෙය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවත්, ඉන්දීය සාගරයේ ස්ථාවරත්වය වෙනුවෙන් ඉන්දියාව ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය. එමෙන්ම ඉරාන සිරුරු සහ දිවි ගලවා ගත් පිරිස නැවත භාරදීම සම්බන්ධයෙන් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කළැයි කියන බලපෑම් විවේචනය කළ මන්ත්‍රීවරයා, ශ්‍රී ලංකාව සැමවිටම සිය ජාතික අවශ්‍යතා මත තීරණ ගත යුතු බවද පවසා සිටියේය.














