ඉදිරි වගා කටයුතු සඳහා අවශ්‍ය සියලුම පොහොර තොග මේ වන විට රට තුළ පවතින බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කරයි. ගොවීන්ට කිසිදු හිඟයකින් තොරව පොහොර ලබාගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවත්, බෙදාහැරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. පොහොර හිඟයක් පිළිබඳව පැතිර යන කටකතා අසත්‍ය බවත්, වගා කටයුතු සාර්ථක කර ගැනීමට රජය උපරිම සහය ලබා දෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














