පාකිස්ථානය තුළ පවතින උග්‍ර ආර්ථික සහ බලශක්ති අර්බුදය හමුවේ පෙට්‍රල් සහ ඩීසල් මිල විශාල ලෙස ඉහළ දැමීමට එරට රජය පියවර ගෙන තිබේ. මේ හේතුවෙන් එරට සියලුම පාසල් සති දෙකක කාලයක් සඳහා වසා දැමීමට තීරණය කර ඇති අතර, අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් සියලුම කාර්යාල සේවකයින්ගෙන් 50%ක් නිවසේ සිට වැඩ කිරීමේ (Work from Home) ක්‍රමවේදය අනුගමනය කළ යුතු බවට රජය නියෝග කර ඇත. ඉන්ධන පරිභෝජනය සීමා කිරීම සහ පවතින උද්ධමනය පාලනය කිරීම සඳහා මෙම පියවර ගත් බව එරට බලධාරීන් පවසයි.














