පවතින බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස රාජ්‍ය අංශයේ ඇතැම් සේවාවන් සඳහා “ගෙදර සිට වැඩ කිරීමේ” (Work From Home) ක්‍රමවේදය යළි හඳුන්වා දීම කෙරෙහි රජයේ දැඩි අවධානය යොමුව තිබේ. රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් සුමන ආලෝක බණ්ඩාර මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් යෝජනා ඉදිරිපත්ව ඇති බවයි. කොවිඩ් වසංගත සමයේදී සාර්ථකව ක්‍රියාත්මක වූ මෙම ක්‍රමය, වර්තමාන තත්ත්වය හමුවේ ඉන්ධන පිරිමැසීම සඳහා යොදාගත හැකි බවට විශ්වාස කෙරේ.
මැදපෙරදිග අර්බුදය හේතුවෙන් ඉන්ධන මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, සැපයුම් දාමයට බාධා එල්ල වුවහොත් මිල තවදුරටත් ඉහළ යා හැකි බව ඛනිජ තෙල් සංස්ථාව අනතුරු අඟවා ඇත. මෙයට අමතරව, ඉන්ධන පරිභෝජනය කළමනාකරණය කිරීම සඳහා මීට පෙර පැවති “QR” ක්‍රමවේදය ද යළි හඳුන්වා දීම කෙරෙහි රජයේ අවධානය යොමුව පවතියි. මෙම පියවරයන් හරහා බලශක්ති ක්ෂේත්‍රයේ මතුව ඇති පීඩනය අවම කරගැනීමට බලධාරීන් අපේක්ෂා කරයි.














