වර්තමානයේ පවතින තත්ත්වය කිසිසේත්ම 2022 වසරේ මෙරට ඇති වූ අර්බුදකාරී වාතාවරණයට සමාන කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා පවසයි. පවතින ගෝලීය අර්බුද හමුවේ රටක් ලෙස සියලු සම්පත් නිසි ලෙස කළමනාකරණය කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව ඔහු මෙහිදී අවධාරණය කළේය.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වර්තමාන තත්ත්වය හුදෙක් දේශීය කාරණයක් මත නොව, ලෝක දේශපාලනික සහ යුදමය වාතාවරණය මත නිර්මාණය වූවක් බවයි. එබැවින් මෙම ලෝක අර්බුදයට මුහුණ දීම සඳහා ජනතාව සහ රජය සාමූහිකව කටයුතු කිරීමේ වැදගත්කම ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.














