පවතින ඉන්ධන හිඟය හේතුවෙන් රෝහල් පද්ධතිය ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දැඩි අවදානමක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසයි. සෞඛ්‍ය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ප්‍රවාහන පහසුකම් සැපයීමට ප්‍රායෝගික විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලමින් එම සංගමය ජනාධිපතිවරයා වෙත ලිඛිත ඉල්ලීමක් කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු බලධාරීන් මේ දක්වා මෙම ගැටලුවට නිසි අවධානයක් යොමු කර නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි. මෙම තත්ත්වය හමුවේ සෞඛ්‍ය සේවකයින්ට සේවා ස්ථානය වෙත පැමිණීමට ඇති බාධා හේතුවෙන් රෝගී සත්කාරක සේවා අඩාල වීමේ අවදානමක් පවතී.
උද්ගතව ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කර ඉදිරි පියවර තීරණය කිරීම සඳහා රට පුරා විසිරී සිටින සියලුම නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් හෙට (17) දිනයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් පැවැත්වීමට නියමිතය.














