ලෝක ජල දිනයට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන “තිරසර දියවර” ජාතික වැඩසටහන යටතේ ජංගම ජල තත්ත්ව පරීක්ෂණ මාලාවක් අද (17) සිට ආරම්භ කිරීමට නියමිතය.
මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල, සියඹලාණ්ඩුව, තණමල්විල සහ බිබිල යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මෙම ජල තත්ත්ව පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතව ඇත. ජනතාව පරිභෝජනය කරන ජලයේ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය පරීක්ෂා කර බලා ආරක්ෂිත ජල පරිභෝජනයක් සහතික කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
ජල මූලාශ්‍ර ආරක්ෂා කර ගැනීම සහ පිරිසිදු පානීය ජලයෙහි ඇති වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ද මෙම වැඩසටහන යටතේ සිදු කෙරෙනු ඇත.














