ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයට සම්බන්ධ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ රාජකාරී කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඉන්දීය රජයේ මූල්‍ය ආධාර යටතේ විදුලි යතුරුපැදි (Electric Motorcycles) ලබාදීමේ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) සහ නාරා (NARA) ආයතනයේ ක්ෂේත්‍ර පර්යේෂණ සහායකයින් ඇතුළු නිලධාරීන් 430 දෙනෙකු වෙනුවෙන් මෙම යතුරුපැදි ලබාදීමට සැලසුම් කර ඇත.
මේ සඳහා අවශ්‍ය වන රුපියල් මිලියන 264.59ක සම්පූර්ණ පිරිවැය ඉන්දීය රජය විසින් ප්‍රදානයක් (Grant) ලෙස ලබාදීමට එකඟ වී තිබේ. මැදපෙරදිග යුද අර්බුදය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඩොලර් 103 දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙරට ද උග්‍ර ඉන්ධන අර්බුදයක් නිර්මාණය වී පවතී. එවැනි පසුබිමක ක්ෂේත්‍ර නිලධාරීන්ට ඉන්ධන මත යැපෙන්නේ නැතිව සිය රාජකාරී බාධාවකින් තොරව ඉටුකිරීමට මෙම විදුලි යතුරුපැදි ව්‍යාපෘතිය මහඟු පිටුවහලක් වනු ඇත.
මේ සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමට (MoU) අත්සන් තැබීම සඳහා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාවය හිමි විය.














