මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධවලට අදාළ මූල්‍ය ගනුදෙනු සඳහා eZCash සහ mCash වැනි ජංගම මුදල් හුවමාරු පද්ධති අවභාවිත කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. අනන්‍යතාව හෙළි නොකර මූල්‍ය ගනුදෙනු කිරීමට ඇති හැකියාව නිසා මෙම පද්ධති අපරාධකරුවන් අතර ජනප්‍රිය වී ඇති බව නිරීක්ෂණය වීමත් සමඟ මෙම තීරණය ගෙන තිබේ.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ විශේෂ කමිටුව විසින් ඉදිරිපත් කළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මෙහිදී අවසර හිමි විය. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා පොලීසිය සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කෙරෙන ඒකාබද්ධ දත්ත පද්ධතියක් (Consolidated Data System) ස්ථාපිත කෙරෙනු ඇත. මෙමගින් නීතිවිරෝධී මූල්‍ය ක්‍රියාකාරකම් වළක්වා ගැනීමටත්, අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් පහසුවෙන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් හැකි වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.














