මෙම මාසය තුළ දැනටමත් ලිට්රෝ ගෑස් මෙට්‍රික් ටොන් 38,000ක තොගයක් මෙරටට ලැබී ඇති බවත්, තවත් මෙට්‍රික් ටොන් 33,000ක ගෑස් තොගයක් ඉදිරි දින දෙක ඇතුළත දිවයිනට ළඟා වීමට නියමිත බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. අද පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
පවතින ගෝලීය බලශක්ති අභියෝග මධ්‍යයේ වුවද, ගෘහස්ථ ගෑස් සැපයුම බාධාවකින් තොරව පවත්වාගෙන යාමට රජය පියවර ගෙන ඇති බව මෙමගින් තහවුරු වේ. මෙම නව ගෑස් තොගය ලැබීමත් සමඟ වෙළඳපොළේ පවතින ඉල්ලුම සපුරාලීමට සහ හිඟයකින් තොරව ගෑස් බෙදා හැරීමට ලිට්රෝ සමාගමට හැකියාව ලැබෙනු ඇත.














