ශ්‍රී ලංකාව ලබාගත් ඓතිහාසික 1996 ලෝක කුසලාන ක්‍රිකට් ජයග්‍රහණයට වසර 30ක් සපිරීම සනිටුහන් කරමින්, පිළිකා රෝගයෙන් පීඩා විඳින දරුවන් වෙනුවෙන් සහයෝගය දැක්වීමට එම ජයග්‍රාහී කණ්ඩායමේ ක්‍රීඩකයින් එක්ව සිටිති. ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් පදනම (Sri Lanka Cricket Foundation) සහ ඉන්දිරා පිළිකා භාරය (Indira Cancer Trust) අතර සුවිශේෂී අවබෝධතා ගිවිසුමකට අද (17) පෙරවරුවේ මහරගමදී අත්සන් තැබිණි.
මෙම වැඩපිළිවෙළ යටතේ ‘Make-A-Wish Sri Lanka’ මූලිකත්වය හරහා වයස අවුරුදු 3 සිට 17 දක්වා වූ පිළිකා රෝගී දරුවන්ගේ සිහින සැබෑ කිරීමටත්, ඔවුන්ගේ මානසික සුවතාවය නංවාලීමටත් කටයුතු කෙරේ. අරවින්ද ද සිල්වා, සනත් ජයසූරිය, චමින්ද වාස් සහ රොෂාන් මහානාම යන ක්‍රිකට් තරු සහ ඉන්දිරා පිළිකා භාරයේ සභාපතිනී වෛද්‍ය ලංකා ජයසූරිය මහත්මියගේ සහභාගීත්වයෙන් පැවති මෙම උත්සවයේදී, ක්‍රීඩාවේ පවතින ජයග්‍රාහී ජවය සමාජ සත්කාරයක් දක්වා පරිවර්තනය කිරීමේ වැදගත්කම අවධාරණය කෙරිණි.














