ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හමුවේ අමෙරිකාවට සහාය දැක්වීම නේටෝ සංවිධානය ප්‍රතික්ෂේප කිරීම “ඉතා මෝඩ තීරණයක්” බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. අයර්ලන්ත අග්‍රාමාත්‍ය මයිකල් මාටින් සමඟ ධවල මන්දිරයේ පැවති හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
අමෙරිකානු සහ ඊශ්‍රායල හමුදා එක්ව ඉරානයට එරෙහිව ආරම්භ කර ඇති යුද මෙහෙයුම් මේ වන විට තෙවන සතියටත් ක්‍රියාත්මක වන අතර නේටෝ රටවල් මෙම ක්‍රියාවලියට එකඟ වුවද ඍජුව මැදිහත් වීම ප්‍රතික්ෂේප කර ඇත
ලෝක තෙල් ප්‍රවාහනයෙන් 20%ක් සිදුවන උපායමාර්ගිකව වැදගත් හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) විවෘත කිරීම සඳහා සහාය වන ලෙස කළ ඉල්ලීම ජපානය, ඕස්ට්‍රේලියාව සහ දකුණු කොරියාව ඇතුළු රටවල් කිහිපයක්ම මේ වන විට ප්‍රතික්ෂේප කර තිබේ
තම හමුදාවන් ලබා ඇති සාර්ථකත්වය හමුවේ තවදුරටත් නේටෝ රටවල සහාය තමන්ට අවශ්‍ය නොවන බවත් ඔවුන් ලබා දුන් ප්‍රතිචාරය “කම්පනයට කරුණක්” බවත් ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත
සහාය නොදුන් රටවලට එරෙහිව කිසියම් ක්‍රියාමාර්ගයක් ගන්නේද යන්න පිළිබඳව ජනාධිපතිවරයා මෙතෙක් නිශ්චිත ප්‍රකාශයක් සිදු කර නැතත් මෙම තත්ත්වය ජාත්‍යන්තර දේශපාලන සබඳතාවල දැඩි නොසන්සුන්තාවයක් ඇති කර තිබේ















