ඉරාන යුද්ධයට විරෝධය පළ කරමින් ජෝ කෙන්ට් (Joe Kent) සිදු කළ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් හිටපු නීති මහාචාර්ය ඇලන් ඩර්ෂොවිට්ස් (Alan Dershowitz) එල්ල කළ දැඩි වාග් ප්‍රහාරය හමුවේ සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහක් නිර්මාණය වී තිබේ
ඉරාන යුද්ධයට විරෝධය පා ජෝ කෙන්ට් ඉල්ලා අස්වීමෙන් පසුව ඩර්ෂොවිට්ස් විසින් සිය Substack පුවත් ලිපිය හරහා ඔහු “නව නාසිවාදියෙකු” (Neo Nazi) සහ “යුදෙව් විරෝධියෙකු” ලෙස හඳුන්වමින් දැඩි ලෙස විවේචනය කර ඇත
ජෝ කෙන්ට් සිය ඉල්ලා අස්වීමේ ලිපිය මගින් ඊශ්‍රායලය සහ මාධ්‍ය හැසිරවීම පිළිබඳව අසත්‍ය කරුණු පවසමින් යුද්ධයකට මඟ පාදා ඇති බවට ඩර්ෂොවිට්ස් චෝදනා කරන අතර කෙන්ට්ව “ප්‍රතික්ෂේප කළ යුතු කුණු කූඩයක්” ලෙස ද හඳුන්වා දී තිබේ
කෙසේ වෙතත් ඩර්ෂොවිට්ස්ගේ මෙම ප්‍රකාශය අන්තගාමී එකක් බව පවසමින් බොහෝ පිරිසක් ඔහුට එරෙහිව අදහස් දක්වා ඇති අතර ජෝ කෙන්ට් විසින් ඉරාක යුද්ධය සම්බන්ධයෙන් කළ ප්‍රකාශ ද මෙහිදී විවාදයට ලක්ව ඇත
හිටපු හාවඩ් මහාචාර්යවරයෙකු වන ඇලන් ඩර්ෂොවිට්ස් මීට පෙර ජෙෆ්රි එප්ස්ටයින්ගේ (Jeffrey Epstein) නීතිඥවරයෙකු ලෙස ද කටයුතු කර ඇති අතර ඔහුගේ මෙම නවතම ප්‍රකාශය අමෙරිකානු දේශපාලන කරළිය තුළ දැඩි උණුසුමක් ඇති කර තිබේ















