අමෙරිකානු ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෝසප් කෙන්ට් (Joseph Kent) වත්මන් ඉරාන යුද්ධය පිටුපස ඇති කුමන්ත්‍රණකාරී ස්වභාවයට විරෝධය පළ කරමින් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත යොමු කළ සිය ඉල්ලා අස්වීමේ ලිපිය මඟින් ඔහු බරපතල අනාවරණ රැසක් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉහළ පෙළේ ඊශ්‍රායල නිලධාරීන් සහ බලගතු අමෙරිකානු මාධ්‍ය ආයතන එක්ව ඉතා සූක්ෂ්ම ලෙස වැරදි තොරතුරු ප්‍රචාරය කරමින්, ජනාධිපති ට්‍රම්ප්ගේ “පළමුව අමෙරිකාව” (America First) ප්‍රතිපත්තිය යටපත් කර ඉරානය සමඟ යුද්ධයකට අවශ්‍ය වටපිටාව සකස් කළ බවට ඔහු චෝදනා කරයි
ඉරානයෙන් අමෙරිකාවට ක්ෂණික තර්ජනයක් පවතින බව පවසමින් ට්‍රම්ප්ව මුළා කර ඇති බවත්, මෙය අතීතයේදී ඉරාක යුද්ධයට අමෙරිකාව පටලවා ගැනීම සඳහා භාවිතා කළ උපක්‍රමයක් බවත් කෙන්ට් පෙන්වා දෙයි
45 හැවිරිදි ජෝසප් කෙන්ට්, අමෙරිකානු විශේෂ බලකායේ (Green Beret) සහ CIA ආයතනයේ සේවය කළ ප්‍රවීණයෙකි. ඔහුගේ බිරිඳ වූ ෂැනන් කෙන්ට් ද හමුදා නිලධාරිනියක වූ අතර ඇය 2019 වසරේදී සිරියාවේ සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් මිය ගියාය
කෙන්ට්ගේ මෙම ඉල්ලා අස්වීම සහ ඔහු එල්ල කළ චෝදනා හමුවේ ප්‍රකට නීතිවේදී ඇලන් ඩර්ෂොවිට්ස් වැනි පිරිස් ඔහු විවේචනය කරමින් සිටින අතර, අමෙරිකානු දේශපාලන ක්ෂේත්‍රය තුළ මේ වන විට දැඩි නොසන්සුන්කාරී බවක් හටගෙන තිබේ
ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලාරිජානි ඝාතනය වීමෙන් පසු කලාපයේ යුදමය තත්ත්වය උච්චතම අවස්ථාවකට පැමිණ ඇති මොහොතක, අමෙරිකානු බුද්ධි අංශ ප්‍රධානියෙකු මෙලෙස ඉල්ලා අස්වීම තීරණාත්මක සිදුවීමක් ලෙස සැලකේ.













