එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) පිහිටි ඕස්ට්‍රේලියානු හමුදා කඳවුරක් ආසන්නයට ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාරක යානයක් (Projectile) පතිත වී ඇති බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් (Anthony Albanese) අද තහවුරු කළේය. මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය මධ්‍යයේ මෙම සිදුවීම වාර්තා වේ.
ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේදී කඳවුරේ සිටි කිසිදු ඕස්ට්‍රේලියානු සෙබළෙකුට ජීවිත හානි හෝ තුවාල සිදුවී නොමැති බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරයි.
අදාළ ප්‍රහාරක යානය කඳවුර දෙසට දිවෙන මාර්ගයකට පතිත වීමෙන් කුඩා ගින්නක් හටගෙන ඇති අතර, ඉන් නවාතැන් ගොඩනැගිල්ලකට සහ වෛද්‍ය මධ්‍යස්ථානයකට සුළු දේපළ හානි සිදුව තිබේ.
මෙම සිදුවීමත් සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඒ අවට සිටින ඕස්ට්‍රේලියානු හමුදා සාමාජිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා අදාළ අංශවලට උපදෙස් දී ඇත.
අමෙරිකා – ඉරාන ගැටුම තවදුරටත් වර්ධනය වෙමින් පවතින පසුබිමක, මිත්‍ර රටවල හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් මෙවැනි ප්‍රහාර එල්ල වීම ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ.














