ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) රැගත් නෞකා දෙකක් අද (18) උදෑසන උස්වැටකෙයියාව, තල්දියවත්ත මුහුදේ පිහිටි ගෑස් ගොඩබෑමේ පර්යන්තය වෙත පැමිණ තිබේ. එම නෞකාවලින් ගෑස් ගොඩබෑමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
පෞද්ගලික සමාගමක සැපයුම් අඩාල වීම හේතුවෙන් මාර්තු මාසය සඳහා අපේක්ෂිත අවශ්‍යතාව වූ මෙට්‍රික් ටොන් 33,000 ඉක්මවා මෙට්‍රික් ටොන් 38,000ක ඇණවුමක් ලිට්‍රෝ සමාගම හරහා ලබාදී ඇති අතර එම ප්‍රමාණය මේ වන විට ලැබී අවසන්ය.
ලැබී ඇති ගෑස් තොගවලින් කොටසක් වෙළෙඳපොළට නිකුත් කර ඇති අතර, තවත් කොටසක් දේශීය ගබඩාවල සහ මාලදිවයින ආසන්නයේ පාවෙන ගබඩාවල සුරක්ෂිතව තැන්පත් කර තිබේ.
ඉදිරි දින දෙකක් ඇතුළත තවත් මෙට්‍රික් ටොන් 33,000ක දැවැන්ත ගෑස් තොගයක් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වීමට නියමිතය.
මීළඟ ගෑස් නැව අප්‍රේල් 21-23 කාලසීමාව තුළ ලැබීමට නියමිත බැවින්, උත්සව සමය තුළ ගෑස් වෙළෙඳපොළේ කිසිදු හිඟයක් හෝ අර්බුදයක් ඇතිවීමේ අවදානමක් නොමැති බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.














