2026 බටහිර බෙංගාල ප්‍රාන්ත සභා මැතිවරණය සඳහා තෘණමූල් කොන්ග්‍රස් (TMC) පක්ෂය සිය අපේක්ෂකයින් 291 දෙනෙකුගේ නාමලේඛනය ඊයේ (17) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. මෙවර මැතිවරණයේදී මහ ඇමතිනි මමතා බැනර්ජි සහ භාරතීය ජනතා පක්ෂයේ (BJP) ප්‍රබල නායක සුවෙන්දු අධිකාරි අතර තීරණාත්මක ද්වන්ධ සටනක් නිර්මාණය වී තිබේ.
මමතා බැනර්ජි මහත්මිය සිය සාම්ප්‍රදායික ආසනය වන දකුණු කොල්කටාවේ භවානිපූර් (Bhabanipur) ආසනයෙන් තරඟ වදින අතර, BJP පක්ෂය විසින් සුවෙන්දු අධිකාරිව එම ආසනයටම නම් කර තිබීම විශේෂත්වයකි
2021 වසරේදී නන්දිග්‍රාම් (Nandigram) ආසනයෙන් මමතා බැනර්ජිව පරාජය කළ සුවෙන්දු අධිකාරිට එරෙහිව මෙවර නන්දිග්‍රාම් ආසනයට TMC පක්ෂය විසින් ඉදිරිපත් කර ඇත්තේ මීට පැය කිහිපයකට පෙර BJP පක්ෂයෙන් ඉවත් වූ පබිත්‍රා කර් (Pabitra Kar) නැමැති ඔහුගේම සමීපතමයෙකි
බටහිර බෙංගාලයේ ආසන 294න් 226කට වඩා වැඩි ප්‍රමාණයක් ජයග්‍රහණය කරමින් සිව්වන වරටත් බලයට පත්වන බවට මමතා බැනර්ජි විශ්වාසය පළ කරන අතර, මෙවර අපේක්ෂක ලැයිස්තුවෙන් පැරණි මන්ත්‍රීවරුන් රැසක් ඉවත් කර නවක මුහුණුවලට අවස්ථාව ලබා දී ඇත
මෙම ප්‍රාන්ත මැතිවරණ උණුසුම හමුවේ, අද දින කැනඩාවේදී පහරදීමකින් මියගිය ඉන්දීය ශිෂ්‍යයා සහ මැදපෙරදිග යුද්ධය හමුවේ ඉන්දියාවේ ආරක්ෂක ස්ථාවරය පිළිබඳව ද ඉන්දීය දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයක් යොමු වී පවතී.

















