ජ්‍යොතිර්වේදීන්ගේ පොදු එකඟතාවය හිමි වූ 2026 වසරේ රාජ්‍ය අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ඊයේ (17) අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමිපාණන් වහන්සේ වෙත පිළිගන්වන ලදී. බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් මෙම පිළිගැන්වීම සිදු කරන ලදී.
අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා පූර්වභාග 09.32ට
පුණ්‍ය කාලය
අප්‍රේල් 14 අඟහරුවාදා පූර්වභාග 03.08 සිට එදින අපරභාග 03.56 දක්වා
ආහාර පිසීම (ළිප ගිනි දැල්වීම)
අප්‍රේල් 14 අඟහරුවාදා පූර්වභාග 10.51ට (රක්ත වර්ණ වස්ත්‍රයෙන් සැරසී දකුණු දිශාව බලා)
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් 14 අඟහරුවාදා අපරභාග 12.06ට (රක්ත වර්ණ වස්ත්‍රයෙන් සැරසී දකුණු දිශාව බලා)
හිසතෙල් ගෑම
අප්‍රේල් 15 බදාදා පූර්වභාග 06.55ට (කොළ පැහැති වස්ත්‍රයෙන් සැරසී නැඟෙනහිර දිශාව බලා)
රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම
අප්‍රේල් 20 සඳුදා පූර්වභාග 06.27ට (සුදු පැහැති වස්ත්‍රයෙන් සැරසී දකුණු දිශාව බලා) හෝ පූර්වභාග 06.50ට (නැඟෙනහිර දිශාව බලා)
පසුගිය කාලයේ නැකැත් සම්බන්ධයෙන් පැවති විවාදාත්මක තත්ත්වය සමනය කරමින් සියලු දෙනාගේ එකඟතාවයෙන් මෙම නැකැත් සීට්ටුව සකස් කිරීම පිළිබඳව මහා නාහිමිවරුන් මෙහිදී රජය වෙත ප්‍රසාදය පළ කළහ. අද දින කථානායකවරයා අවධාරණය කළ බුද්ධිමය සංවාදයේ සහ සහජීවනයේ වැදගත්කම මෙවැනි සංස්කෘතික එකඟතාවන් තුළින් ද මනාව පිළිබිඹු වේ.

















