මැදිරිගිරිය, දියසෙන්පුර ප්‍රදේශයේ වෙළෙඳසලක සඟවා තබාගෙන පෙට්‍රල් වැඩි මිලට අලෙවි කළ ව්‍යාපාරිකයකු පෙට්‍රල් ලීටර් 604ක් සහ බැරල් 2ක්, බූලි 7ක් සමඟ මීගස්වැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ලෝක තෙල් මිල 5% කින් ඉහළ ගොස් බැරලයක මිල ඩොලර් 108 ඉක්මවා ඇති පසුබිමක මෙවැනි ජාවාරම්කරුවන් මැඩලීමට පොලිසිය මෙහෙයුම් වේගවත් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු ඉන්ධන පිරවුම්හල්වලින් ලබාගන්නා පෙට්‍රල් බෝතලයක් රුපියල් 320 බැගින් වැඩි මිලට අලෙවි කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය. දියසෙන්පුර පදිංචිකරුවකු වන මෙම සැකකරු අද (19) හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතාගේ උපදෙස් පරිදි මීගස්වැව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත ජයරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇත.














