ඇමරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ (DHS) ලේකම් ධුරය සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරන ලද සෙනෙට් සභික මාක්වේන් මුලින් මහතාගේ සුදුසුකම් පරීක්ෂා කිරීමේ කාරක සභා විමර්ශනය ඊයේ (18) පැවැත්විණි. එහිදී ඔහු අවධාරණය කළේ තමන් එම ධුරයට පත්වූ පසු පක්ෂ භේදයකින් තොරව සැමගේ ආරක්ෂාව තහවුරු කිරීමට කැපවන බවයි. දැනට සති පහක පමණ කාලයක් ඇමරිකානු රජයේ අරමුදල් අත්හිටුවීම (Shutdown) හේතුවෙන් වැටුප් රහිතව සේවය කරන දෙපාර්තමේන්තු සේවකයින් 280,000කගේ ගැටලු විසඳීම තම ප්‍රමුඛ කාර්යයක් බව ද ඔහු සඳහන් කළේය. මීට අමතරව, සංක්‍රමණිකයන් රඳවා තබා ගන්නා මධ්‍යස්ථාන ඉදිකිරීම සහ ඒ ආශ්‍රිත නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වූ අතර, ඔහුගේ පත්වීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.














