දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් මහතා මාර්තු 19 සිට 24 දක්වා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ නිල සංචාරයක නිරත වන බව වාර්තා වේ. ඉන්දියන් සාගර කලාපයේ සහයෝගීතාව වර්ධනය කිරීම, මුහුදු මාර්ගවල ආරක්ෂාව තහවුරු කිරීම සහ වෙළඳ සබඳතා ශක්තිමත් කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණු වේ. ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ ඔහු මෙරට ඉහළ පෙළේ නායකයින් හමුවීමට නියමිත අතර, නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් උදෙසා දෙරටේ කැපවීම මෙහිදී යළි තහවුරු කෙරෙනු ඇත. මාලදිවයිනේදී එරට සමඟ පවතින 60 වසරක රාජ්‍යතාන්ත්‍රික සබඳතා සැමරීමට ද ඔහු එක් වීමට නියමිතය.














