ආර්ජන්ටිනා පාපන්දු සුපිරි තරුව වන ලයනල් මෙස්සි සිය ක්‍රීඩා ජීවිතයේ 900 වන ගෝලය වාර්තා කරමින් ලොව එවැනි දක්ෂතාවක් දැක්වූ දෙවන ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක්විය. අමෙරිකාවේ ටෙනසිහි පැවති කොන්කැකැෆ් චැම්පියන්ස් කුසලාන තරගයකදී ඉන්ටර් මියාමි කණ්ඩායම වෙනුවෙන් ඔහු මෙම සුවිශේෂී ගෝලය ලබා ගත්තේය. දැනට 38 වන වියේ පසුවන මෙස්සි බාර්සිලෝනා වෙනුවෙන් ගෝල 672ක් ද ආර්ජන්ටිනා ජාතික කණ්ඩායම වෙනුවෙන් ගෝල 115ක් ද පී.එස්.ජී වෙනුවෙන් ගෝල 32ක් සහ ඉන්ටර් මියාමි වෙනුවෙන් ගෝල 81ක් වාර්තා කර ඇත. ඔහු සිය වම් කකුලෙන් ගෝල 755ක් දකුණු කකුලෙන් 111ක් සහ හිසෙන් ගෝල 30ක් ලබාගෙන තිබේ. මීට අමතරව දඬුවම් පහර 112ක් සහ නිදහස් පහර 70ක් මීට ඇතුළත් වේ. මෙස්සිට පෙර මෙම කඩඉම පසුකළ එකම ක්‍රීඩකයා වන්නේ ගෝල 959ක් ලබාගෙන සිටින පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පමණි. සෙවිලා, ඇත්ලටික් ක්ලබ් සහ ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් ඔහුට එරෙහිව වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා වූ කණ්ඩායම් වේ.














