පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් වන සභාව කල් තබන අවස්ථාවේ විවාදය ලබන අප්‍රේල් මස 09 වැනිදා පස්වරු 2.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (මාර්තු 19) තීරණය කර ඇත. විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙම විවාදය පැවැත්වීමට නියමිතය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන 14 වැනි විවාදය මෙය වීම විශේෂත්වයකි. මීට අමතරව පාර්ලිමේන්තුව අප්‍රේල් මස 07, 09 සහ 10 යන දිනවලදී රැස්වීමට ද කාරක සභාව තීරණය කර තිබේ. කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී ඉදිරි සති කිහිපය සඳහා වන පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය ද සැකසූ බව වාර්තා වේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් සිදුකර ඇති විමර්ශනවල ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ අදාළ විවාදය සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.














