ඉදිරි උත්සව සමය වෙනුවෙන් මෙරට පාරිභෝගික ජනතාවට අවශ්‍ය තරම් ආහාර තොග පවතින බැවින්, අනවශ්‍ය ලෙස ආහාර ද්‍රව්‍ය එක්රැස් කිරීමෙන් වළකින ලෙස වෙළඳ සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහ මාර්තු 19 ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ඉදිරි සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේදී කිසිදු හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවට ලබාදීමට රජය සියලු කටයුතු සූදානම් කර ඇත. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ වුවද, මෙරටට අවශ්‍ය ආහාර තොග කලින්ම ඇණවුම් කර ඇති බැවින් බිය විය යුතු නැති බව ඔහු පෙන්වා දුන්නේය.
වෙළඳපොළ තුළ කෘත්‍රිම හිඟයක් ඇති කිරීමට උත්සාහ කරන පිරිස් පිළිබඳව රජය දැඩි අවධානයෙන් පසුවන බවත්, පාරිභෝගිකයා සුරක්ෂිත කිරීම සඳහා සතොස සහ අනෙකුත් රජයේ සමුපකාර ජාලයන් හරහා සහන මිලට භාණ්ඩ ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















