වර්තමානයේ මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති දරුණු යුද ගැටුම් සහ ඒ ආශ්‍රිත ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව සහ වියට්නාමය එම අභියෝගයන්ට මුහුණ දෙන ආකාරය පිළිබඳව විශේෂ රාජ්‍යතාන්ත්‍රික හමුවක් පවත්වා ඇත. ශ්‍රී ලංකාවේ වියට්නාම් තානාපති ට්‍රින් ති ටම් (Trinh Thi Tam) මහත්මිය සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර මෙම සාකච්ඡාව පසුගිය 18 වනදා පැවැත්විණි.
මැදපෙරදිග පවතින අස්ථාවරත්වය හමුවේ දෙරටේ ආර්ථිකයන්ට එල්ල විය හැකි බලපෑම් අවම කර ගැනීම සඳහා අදහස් හුවමාරු කර ගන්නා ලදී. විශේෂයෙන්ම ජාත්‍යන්තර වෙළඳාම සහ බලශක්ති සුරක්ෂිතතාව සම්බන්ධයෙන් පවතින පොදු ගැටලුවලදී සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.
පසුගිය ජනවාරි මස පැවැති වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වැනි ජාතික සමුළුවේ තීරණ පිළිබඳව මෙහිදී කරුණු පැහැදිලි කෙරිණි. එහිදී වියට්නාමය විසින් 2026 සිට 2030 දක්වා කාලය සඳහා වන කෙටි කාලීන ඉලක්ක මෙන්ම, 2045 වසර දක්වා වූ දීර්ඝකාලීන සංවර්ධන ඉලක්ක කරා රට මෙහෙයවීමට ගෙන ඇති තීරණ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ දැනුවත් කරන ලදී.
මෙම අවස්ථාවට ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් ද සහභාගී වී සිටියහ. වියට්නාමය වැනි වේගයෙන් සංවර්ධනය වන රටක අත්දැකීම් ශ්‍රී ලංකාවට පවතින ගෝලීය අර්බුද හමුවේ ප්‍රයෝජනවත් කර ගත හැකි ආකාරය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.














