ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහ විදුලි උපකරණ අලෙවි ජාලය වන සිංගර් ශ්‍රී ලංකා (Singer Sri Lanka) සමාගම, 2026 SLIM-KANTAR People’s Awards සම්මාන උළෙලේදී අඛණ්ඩව 20 වන වසරටත් “වසරේ ජනප්‍රියම සන්නාමය” (People’s Brand of the Year) ලෙස තේරී පත්වෙමින් ඓතිහාසික වාර්තාවක් පිහිටුවා තිබේ. මෙවර සම්මාන උළෙලේදී සිංගර් සමාගම වසරේ ජනප්‍රියම සන්නාමයට අමතරව, “වසරේ තරුණ සන්නාමය” (Youth Brand of the Year) සහ “වසරේ ජනප්‍රියම කල්පවතින භාණ්ඩ සන්නාමය” (People’s Durables Brand of the Year) යන සම්මාන ද දිනාගනිමින් ත්‍රිත්ව ජයග්‍රහණයක් අත්කර ගත්තේය.
පරම්පරා ගණනාවක් පුරා ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් තම නිවෙස්වල අත්‍යවශ්‍ය කොටසක් ලෙස සිංගර් සන්නාමය කෙරෙහි තබා ඇති නොබිඳුණු විශ්වාසය මෙම ඇගයීමට හේතු වී ඇත. සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්ෂ ජන්මේෂ් ඇන්තනි මහතා සහ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා සඳහන් කළේ, මෙම සුවිශේෂී ජයග්‍රහණය තම පාරිභෝගිකයන් සතු වන බවත්, නවෝත්පාදනය සහ ගුණාත්මක සේවාව ඔස්සේ ඉදිරියටත් පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමට තමන් කැපවන බවත්ය. විශේෂයෙන්ම වසරේ තරුණ සන්නාමය ලෙස තේරී පත්වීම හරහා නව පරපුර සමඟ වඩාත් සමීපව කටයුතු කිරීමට සමාගමට හැකි වී ඇති බව ද ඔවුන් පෙන්වා දුන්නේය.














