පසුගිය පැය කිහිපය තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේටය, සෞදි අරාබිය සහ බහරේනය යන රටවල් ඉලක්ක කර ගනිමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ ඉරානයෙන් එල්ල වන ප්‍රහාරයන්ට සිය ගුවන් ආරක්ෂක පද්ධති මගින් අඛණ්ඩව ප්‍රතිචාර දක්වන බවයි. මේ අතර කුවේට් රාජ්‍යය ද සිය ගුවන් ආරක්ෂක පද්ධති මගින් ප්‍රහාර සාර්ථකව වළක්වා ඇති අතර ආරක්ෂක උපදෙස් පිළිපදින ලෙස එරට ජනතාවගෙන් ඉල්ලා සිටී. සෞදි අරාබියේ ආරක්ෂක අමාත්‍යාංශය වාර්තා කළේ එරට නැගෙනහිර කලාපයේදී ඩ්‍රෝන යානා කිහිපයක් හඳුනාගෙන විනාශ කළ බවයි. බහරේනයේ ද ආරක්ෂක සයිරන් නාද කරමින් ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති අතර ප්‍රහාරක කැබලි කඩා වැටීමෙන් ස්ථාන කිහිපයක ගින්නක් හටගෙන ඇති බව ද වාර්තා වේ.














