• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ලිංගික අපයෝජන චෝදනා ලැබූ හිටපු නාවික නිලධාරීගේ රු. කෝටි 100ක ජ්‍යොතිෂ අධිරාජ්‍යය සහ දේශපාලන සබඳතා හෙළි වෙයි

20 March 2026
in පුවත්, විදෙස්
ලිංගික අපයෝජන චෝදනා ලැබූ හිටපු නාවික නිලධාරීගේ රු. කෝටි 100ක ජ්‍යොතිෂ අධිරාජ්‍යය සහ  දේශපාලන සබඳතා හෙළි වෙයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
වෙළඳ නාවික සේවයේ වසර 22ක අත්දැකීම් සහිත ‘කැප්ටන්’ යන අනුවර්ත නාමයෙන් පෙනී සිටි 67 හැවිරිදි අශෝක් ඛාරත් (Ashok Kharat) නැමැති ප්‍රකට සංඛ්‍යා විද්‍යාඥයා සහ ජ්‍යොතිෂවේදියා, ස්ත්‍රී දූෂණ චෝදනාවක් මත අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔහුගේ අතිවිශාල ධනස්කන්ධය සහ ප්‍රභූ සබඳතා පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නාෂික් පොලිසිය මඟින් සිදු කරන විශේෂ විමර්ශනවලට අනුව, මොහු එක් නිවසකට හෝ කාර්යාලයකට ගොස් උපදෙස් ලබා දීම සඳහා රුපියල් ලක්ෂ 50ක තරම් ඉහළ ගාස්තුවක් අය කර ඇති බව හෙළි වී ඇත.
අශෝක් ඛාරත්ට සම්බන්ධ කෝවිලක් වෙත 2022 වසරේදී එවකට මහාරාෂ්ට්‍ර මහ ඇමති ඒක්නාත් ෂින්ඩේ මහතා ද පැමිණ ඇති අතර, මහාරාෂ්ට්‍ර කාන්තා කොමිසමේ සභාපතිනී රූපාලි චක්කන්කර් (Rupali Chakankar) විසින් ඛාරත්ගේ පාද සෝදන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව තිබේ. එමෙන්ම ඇය ඔහු වෙනුවෙන් කුඩයක් ඉහළාගෙන සිටින ඡායාරූප ද ප්‍රසිද්ධ ක්‍රියාකාරිනියක වන අංජලි දමනියා විසින් හෙළි කර ඇත.
නාවික සේවයෙන් විශ්‍රාම ලැබීමෙන් පසු තමන් උපන් කහන්දල්වාඩි ගම්මානයට පැමිණි ඔහු, ඉංග්‍රීසි, හින්දි සහ මරාති භාෂා හැසිරවීමේ දක්ෂතාවය යොදා ගනිමින් ජනතාවගේ උපන් දිනයන් සහ නම් පදනම් කරගෙන සංඛ්‍යා විද්‍යාත්මක උපදෙස් ලබා දීම ආරම්භ කර තිබේ. සාම්ප්‍රදායික පූජකවරුන්ට වඩා වෙනස් ඔහුගේ ‘නාවික නිලධාරී’ පෙනුම සහ අත්දැකීම් හේතුවෙන් දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් සහ නළුවන් විශාල වශයෙන් ඔහු වටා රොක් වී ඇත.
බිය සහ විශ්වාසය ආයුධයක් කර ගනිමින් මොහු විසින් රුපියල් කෝටි 100ක අධිරාජ්‍යයක් ගොඩනගා ඇති බවත්, එය පිටුපස ලිංගික සූරාකෑමේ ජාලයක් පවතින බවත් සැක කෙරේ. මැතිවරණ ජයග්‍රහණ සහ ව්‍යාපාරික ගනුදෙනු පිළිබඳ අනාවැකි කීමට මොහු ප්‍රභූන් අතර ඉතා ප්‍රසිද්ධියක් උසුලා ඇත. කෙසේ වෙතත්, ඇතැම් දේශපාලනඥයන් පවසන්නේ ඔහු හුදු වංචාකරුවෙකු පමණක් බවයි.
Post Views: 7
Previous Post

ගල්ෆ් කලාපයේ රටවල් කිහිපයකින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර

Next Post

බ්‍රිතාන්‍යයට ඉරානයෙන් අනතුරු ඇඟවීමක් ඇමරිකානු හමුදා කඳවුරු භාවිතය පිළිබඳ දැඩි විරෝධයක්

Editor TTV News

Editor TTV News

Next Post
බ්‍රිතාන්‍යයට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්  ඇමරිකානු හමුදා කඳවුරු  භාවිතය පිළිබඳ දැඩි විරෝධයක්

බ්‍රිතාන්‍යයට ඉරානයෙන් අනතුරු ඇඟවීමක් ඇමරිකානු හමුදා කඳවුරු භාවිතය පිළිබඳ දැඩි විරෝධයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වික්ටෝරියා ජලාශයේ දියේ ගිලී තරුණයන් 3ක් මියයයි අතුරුදන්ව සිටි අවසන් සිරුරත් සොයාගැනේ

වික්ටෝරියා ජලාශයේ දියේ ගිලී තරුණයන් 3ක් මියයයි අතුරුදන්ව සිටි අවසන් සිරුරත් සොයාගැනේ

17 May 2026
ඉන්දියාව පහසුවෙන් පරාජය කරමින් CASA 7s රග්බි පිරිමි ශූරතාව ශ්‍රී ලංකාවට

ඉන්දියාව පහසුවෙන් පරාජය කරමින් CASA 7s රග්බි පිරිමි ශූරතාව ශ්‍රී ලංකාවට

17 May 2026
කෑම හොඳින් හැපීම  ශරීරයට මෙන්ම මොළයටත් ඉතා වැදගත් නවතම පර්යේෂණවලින්  කරුණු හතරක් අනාවරණය වෙයි

කෑම හොඳින් හැපීම ශරීරයට මෙන්ම මොළයටත් ඉතා වැදගත් නවතම පර්යේෂණවලින් කරුණු හතරක් අනාවරණය වෙයි

17 May 2026
යුද්ධ හමුදා බුද්ධි තොරතුරින්  ලක්ෂ 20ක  නීති විරෝධී දුම්වැටි  වැල්ලවත්තෙන් අල්ලයි

යුද්ධ හමුදා බුද්ධි තොරතුරින් ලක්ෂ 20ක නීති විරෝධී දුම්වැටි වැල්ලවත්තෙන් අල්ලයි

17 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩෙංගු රෝගීන් 28,000 ඉක්මවයි

ඩෙංගු රෝගීන් 28,000 ඉක්මවයි

17 May 2026
වික්ටෝරියා ජලාශයේ දියේ ගිලී තරුණයන් 3ක් මියයයි අතුරුදන්ව සිටි අවසන් සිරුරත් සොයාගැනේ

වික්ටෝරියා ජලාශයේ දියේ ගිලී තරුණයන් 3ක් මියයයි අතුරුදන්ව සිටි අවසන් සිරුරත් සොයාගැනේ

17 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved