එක්සත් ජනපදයට බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු භාවිතා කිරීමට ඉඩ ලබා දීම ආක්‍රමණයකට හවුල් වීමක් ලෙස සලකන බව ඉරානය බ්‍රිතාන්‍යයට නිල වශයෙන් දැනුම් දී තිබේ. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සහ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඉවෙට් කූපර් අතර පැවැති දුරකථන සාකච්ඡාවකදී ඉරානය අවධාරණය කළේ බ්‍රිතාන්‍යය විසින් ඇමරිකාවට ලබා දෙන ඕනෑම සහයෝගයක් පවතින තත්ත්වය තවදුරටත් උග්‍ර කිරීමට හේතු වනු ඇති බවයි. ඇමරිකාව සහ ඊශ්‍රායලය සිදු කරන පැහැදිලි ආක්‍රමණ හමුවේ බ්‍රිතාන්‍යය ඇතුළු යුරෝපීය රටවල් පක්ෂග්‍රාහී ප්‍රවේශයක් අනුගමනය කරන බවට ද ඉරාන විදේශ අමාත්‍යවරයා මෙහිදී චෝදනා කළේය. විශේෂයෙන්ම ඉරානයේ සවුත් පාර්ස් ගෑස් නිධි ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හෙළා දැකීමට බ්‍රිතාන්‍යය අපොහොසත් වීම පිළිබඳව ද ඉරානය සිය දැඩි විවේචනය එල්ල කර තිබේ.














