ඉදිරි දින කිහිපය තුළ ඉන්දියාව, පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය යන රටවලට අධික වර්ෂාපතනයක් සමඟ බලවත් කුණාටු තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ බලධාරීන් අනාවැකි පළ කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ඇෆ්ගනිස්තානයේ සිට පාකිස්තානය හරහා දිවෙන කිලෝමීටර් 1000ක පමණ දැවැන්ත වැසි කලාපයක් නිර්මාණය වෙමින් පවතින අතර ඉන්දියාව අවට වායුගෝලයේ ද පවතින අඩු පීඩන තත්ත්වය හේතුවෙන් මෙම අසාමාන්‍ය කාලගුණික සංසිද්ධිය වර්ධනය වෙමින් පවතී. මේ හේතුවෙන් ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි සමඟ පැයට කිලෝමීටර් 40 සිට 80 දක්වා වේගවත් තද සුළං ඇති විය හැකි බවත්, අධික වර්ෂාවට අමතරව ඇතැම් කලාපවලින් හිමපතනයන් ද වාර්තා විය හැකි බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් අනතුරු අඟවා ඇත.














