ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ 162 වන පොලිස් විරු දිනය අදට (21) යෙදී තිබේ. මෙය සැමරීම වෙනුවෙන් ප්‍රධාන උත්සවය අද උදෑසන පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ පිහිටි විරු සමරු ස්මාරකය අසලදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී රටේ සාමය සහ ආරක්ෂාව වෙනුවෙන් දිවි පිදූ පොලිස් විරුවන් හට උත්තමාචාර පුද කිරීම සිදු කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ පොලිස්පතිවරයා, රාජකාරිය වෙනුවෙන් කැපවූ නිලධාරීන්ගේ සේවය අගය කළ අතර, සුවිශේෂී දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරීන් ඇගයීමට ලක් කිරීම ද මෙහිදී සිදු විය. වසර 162ක අභිමානවත් ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා පොලිස් සේවය, නීතිය හා සාමය සුරැකීම සඳහා සිදු කරන මෙහෙවර මෙවැනි විරු දින සැමරුම් හරහා තවදුරටත් අගය කිරීමට ලක් කෙරේ.














