“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ ජනතාවට යහපත් හෙටක් උදාකර දීම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රධාන ආකාර තුනකින් රට ඉදිරියට මෙහෙයවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිලූෂා ගමගේ මහත්මිය පවසයි. ඇය මේ බව ප්‍රකාශ කළේ ‘දැය නංවන සපිරි ගමක්’ ජාතික වැඩසටහන යටතේ රත්නපුර කහවත්ත ප්‍රදේශයේ පැවති ආදර්ශ ගම්මාන එළිදැක්වීමේ උත්සවයකට අද (21) එක්වෙමිනි.
ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන හරහා ග්‍රාමීය මට්ටමින් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. විශේෂයෙන්ම කහවත්ත ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදුකෙරෙන මෙම සංවර්ධන කටයුතු හරහා ප්‍රදේශයේ ආර්ථික සහ සමාජීය ප්‍රගතියක් අපේක්ෂා කරන බව ද මන්ත්‍රීවරිය මෙහිදී අවධාරණය කළාය.














