මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ මෙරට ආහාර බෙදාහැරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ප්‍රවාහන සේවා සපයන්නන්ගේ ඉන්ධන අවශ්‍යතා හඳුනාගැනීමේ විශේෂ දත්ත රැස් කිරීමේ වැඩසටහනක් රජය විසින් ආරම්භ කර තිබේ. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරන්නේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ඉන්ධන බෙදාහැරීමේ ප්‍රතිපත්තිමය තීරණ විධිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවයි.
මෙම වැඩසටහන යටතේ විශේෂයෙන්ම ඉලක්ක කරනු ලබන්නේ මෙතෙක් කිසිදු රජයේ ලේඛනයක ලියාපදිංචි වී නොමැති ප්‍රවාහන සේවා සපයන්නන් පමණි. රැස්කරනු ලබන දත්ත විධිමත් විශ්ලේෂණයකින් පසුව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත නිර්දේශ ලෙස ඉදිරිපත් කිරීමට නියමිතය. අදාළ දත්ත ඉදිරිපත් කිරීම සඳහා පහත සබැඳිය ඔස්සේ පිවිසිය හැකි බව අමාත්‍යාංශය දැනුම් දෙයි:














