වාද්දූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී මරදානේ සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියක මෝටර් රථයක් ගැටීමෙන් 26 හැවිරිදි වියේ පසුවන තරුණ යුවළක් බරපතල තුවාල ලබා තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ රථයේ ගමන් කරමින් සිටි පිරිමි පුද්ගලයා සහ කාන්තාව වහාම පානදුර රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති බව පොලිසිය සඳහන් කරයි. මෙම අනතුර සම්බන්ධයෙන් වාද්දූව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර දුම්රිය හරස් මාර්ගය හරහා රථය ධාවනය කිරීමේදී සිදු වූ ප්‍රමාදයක් හෝ නොසැලකිලිමත්කමක් මීට හේතු වන්නට ඇති බවට සැක කෙරේ.














