ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) නවතම දත්තවලට අනුව, මාර්තු මාසයේ මුල් දින 18 තුළ පමණක් විදේශීය සංචාරකයින් 109,410ක් දිවයිනට පැමිණ තිබේ. මෙම පිරිසෙන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 27,613කි. මීට අමතරව එක්සත් රාජධානියෙන් 10,111ක්, රුසියාවෙන් 9,562ක්, චීනයෙන් 9,100ක් සහ ජර්මනියෙන් 8,258ක් ලෙස සංචාරකයින් මෙරටට පැමිණ ඇත. 2026 වසරේ ජනවාරි 01 සිට මාර්තු 18 දක්වා කාලය තුළ සමස්ත සංචාරකයින් පැමිණීම 666,065ක් ලෙස වාර්තා වන අතර, වසරේ මේ දක්වා වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි රටවල් ලෙස ඉන්දියාව (127,353), එක්සත් රාජධානිය (70,439) සහ රුසියාව (59,795) පසුවෙයි. මෙම වර්ධනය මෙරට සංචාරක කර්මාන්තයේ කැපී පෙනෙන පිබිදීමක් පෙන්නුම් කරයි.














