කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර එස්.එස්.සී (SSC) ක්‍රීඩා පිටියේ පැවති 92 වන “සාන්තුවරයන්ගේ සටන” (Battle of the Saints) වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 352ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවූ අතර, ඊට පිළිතුරු ලෙස සාන්ත පීතර විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 257ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිටුවීමට පියවර ගත්තේය. දෙවන ඉනිම ක්‍රීඩා කළ සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 190ක් ලබා ගනිමින් සාන්ත පීතර විද්‍යාලයට ලකුණු 290ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා දුන් නමුත්, තරගය නිමාවන විට සාන්ත පීතර විද්‍යාලයට කඩුලු 9ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 215ක් පමණි. ඒ අනුව දෙපිලම කරට කර සටනක නිරත වෙමින් මෙවර සාන්තුවරයන්ගේ සටන සම තත්ත්වයෙන් නිමාවට පත් විය.














