අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම සහ මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ඇති වූ බලශක්ති අර්බුදය මෙම මිල සංශෝධනයට ප්‍රධාන හේතුව වී ඇත. අද දින සිට QR කේතය යටතේ ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළ දැමීමට පියවර ගෙන තිබුණද, මෙම නව මිල සංශෝධනයත් සමඟ පාරිභෝගිකයින්ට ඉන්ධන සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවනු ඇත.
නව මිල ගණන් අනුව එක් එක් ඉන්ධන වර්ගයන්හි සිදුව ඇති මිල වෙනස්වීම් පිළිබඳ නිල විස්තර ඉදිරි පැය කිහිපය තුළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිකුත් කිරීමට නියමිතය.














