ඊශ්‍රායලයේ දකුණු දිග පිහිටි ඩිමෝනා (Dimona) නගරය ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රබල මිසයිල ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඊශ්‍රායල හදිසි වෛද්‍ය සේවාව සහ ‘කාන්’ (Kan) පුවත් සේවය සඳහන් කරන පරිදි, තුවාල ලැබූවන් අතර 10 හැවිරිදි දරුවෙකු ද සිටින අතර ඔවුන් වහාම රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන දර්ශනවලට අනුව, අහසේ සිට ඇදී එන දැවැන්ත මිසයිලයක් නගරයට පතිත වන අයුරුත්, ඒ සමඟම ප්‍රබල පිපිරුම් හඬක් ඇසෙන අයුරුත් වාර්තා වී ඇත. ඩිමෝනා නගරය ඊශ්‍රායලයේ මූලෝපායික වශයෙන් ඉතා වැදගත් මධ්‍යස්ථානයක් වන බැවින්, මෙම ප්‍රහාරය කලාපීය යුද තත්ත්වය තවදුරටත් උග්‍ර වීමට හේතු විය හැකි බව විදේශ විචාරකයෝ පෙන්වා දෙති.














