අද (24) පස්වරු 2න් පසුව දකුණු පළාත, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. මෙම අවවාදාත්මක නිවේදනය අද රාත්‍රී 11 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකිය. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා පහත සඳහන් ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.














